ඔයාගේ ආදරණිය බලු සුරතලාට මිනිස්සු ආහාරයට ගන්න හැම ආහාරපානයම ගන්න හොද නැහැ ඇතැම් වෙලාවට මිනිස්සුන්ට සුදුසු ආහාර එයාගේ වකුගඩු වගේ ඉන්ද්‍රයන් වලට පවා හානි කරනන් පුළුවන්. අද අපි මේ ලිපියෙන් ගෙන එන්නේ බලු සුරතලුන්ට කිසිසේත්ම ලබා නොදිය යුතු ආහාර පාන 10 ගැන. වැරදිලාවත් මේ ආහාරපාන සුනඛයාට ලබා දුන්නේ නම් වහාම පශුවෛද්‍යවරක් වෙත බලු සුරතලාව යොමු කරන්න.
1. මිදී සහ වියලි මිදී

මිදී කියන්නේ අපිට ගුණදායක ආහාරයක් වුනාට සුනඛයෙක්ට අතිශයෙන් අහිතකර ආහාරයක්. මිදී ආහාරයට ගත්තාම සුනඛයන්ගේ වකුගඩු වලට බරපතල හානි වෙන්න පුළුවන්. සුනඛයෙක්ට වැරදි ලාවත් මිදී කැවුනොත් සුනඛයා රෝග ලක්ෂණ විදියට වමනය කිරීම සහ දුර්වල බාවයක් පෙන්නීම සිද්ධ කරන්න පුළුවන්.
2. අලි පේර

අලි පේර වල පර්සින් කියන රසයානිකය තියෙනවා. මේ පර්සින් සුනඛයන්ට විෂදායකයි. අලි පේර ගෙඩිය විතරක් නෙමේ කොලය පොත්ත පවා සුනඛයන්ට විෂදායක වෙනවා. අලි පේර ශරීරය තුලට ඇතුළු වුනොත් සුනඛයා වමනය සහ පාචනය වගේ තත්වයන් පෙන්නන්ට ගන්නවා.
3. මත්පැන් සහ ඇල්කොහොල් අඩංගු ආහාර පාන

මත්පැන් මිනිසුන්ට සමාන එහෙත් ඊටා වඩා වැඩි බලපෑමක් සුනඛයන්ටත් ඇති කරනවා. මත්පැන් වර්ගය කුමක් වුනත් ඉතාමත් සුළු ප්‍රමාණයක් වුනත් සුනඛයාට බරපතල සංකුලතා ඇති කරන්නට පුළුවන්. ඇතැම් විට කෝමා තත්වයන් සහ මරණය සිදුවීම වගේ බරපතල තත්වයන් වුනත් ඇති වෙන්න පුළුවන්.
4. ළුණු සහ සුදුළුණු

ළුණු සහ සුදුලුනු සුනඛයාගේ රතුරුධිරානු වලට හානි දායකයි. මේවා විශාල ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වුනොත් රක්තහීනතාවය පවා සුනඛයන්ට ඇති වන්නට පුළුවන්.
5. චොක්ලට්

චොක්ලට් වල තියෝබ්රෝමින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි. තියෝබ්රෝමින් සුනඛයන්ට අතිශයෙන් විෂදායකයි. මේ තියෝබ්රෝමින් ඕනෑම චොක්ලට් වර්ගයක තිබෙනවා ඒ නිසා වයිට් චොක්ලට් වත් සුනඛයාට දීම සුදුසු වෙන්නේ නැහැ. චොක්ලට් ශරීරගත වුනාම සුනඛයා මිය යන්න පවා ඉඩ තියෙනවා.
6. කෝපී, තේ සහ කැෆෙන් අඩංගු සියලු ආහාරපාන

කෝපි තේ විතරක් නෙමේ කැෆෙන් අඩංගු ශක්තිජනක පාන සහ පැණි බිම සියල්ල සුනඛයන්ට අතිශයෙන් අහිතකරයි.
7. කාමරංක

කාමරංක වල කැල්සියම් ඔක්සලේට් තිබෙනවා, එම නිසා කාමරංක සුනඛයන්ගේ වකුගඩු වල දරුණු හානි ගෙන දෙනවා. කමරංක ශරීරගත වුනොත් ලේ සහිත මුත්‍රා පිට වීම වගේ දරුණු තත්වයන් දකින්නට පුළුවන්.
8. අමු බිත්තර

බිත්තර අමුවෙන් සුනඛයන්ට ලබා දීම අහිතරකයි. අමු බිත්තර වලින් සැල්මොනෙල්ලා සහ කොලරාව වගේ රෝග ඇති වීමේ ඉඩකඩක් තියෙනවා.
9. සිනි රහිත කෘතීම පැණිරසකාරක වන xylitol සහිත රස කැවිලි සහ දන්තා ලේප

xylitol ශරීර ගත වුනාම සුනඛයාගේ රුධිර ග්ලුකෝස් මට්ටම් පහත ගිහින් අක්මාවට හානි දායක වෙන පුළුවන්.
10. ලුණු

ලුණු අධික ලෙස ශරීරයට එකතු වීමෙන් සෝඩියම් විෂ වෙලා සුන්ඛයෙක්ට මාරාන්තික ප්‍රතිපල ලබා දෙන්න පුළුවන්.
