මිනිසුන් මෙන්ම බලු සුරතලුනුත් විවිධ හේතුන් මත ආතතියට පත් වෙනවා. එයාල බොහෝ වෙලාවට ආතතියට පත් වෙන්නේ වෙන්වීම නිසා වෙන ආතතියෙන් (Separation Anxiety) හෝ අධික ශබ්ද නිසා වෙන් ඇති වෙන ආතතියෙන්.ආතතියෙන් පිඩාවට පත් වුන බලුසුරතලෙක් සන්සුන් කරන්නේ කොහොමද කියලා අද මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන ආවා.
ආතතියට පත් වුන සුනඛයෙක් ගේ ලක්ෂණ
- අධික ලෙස බිරීම
- අධික ලෙස හතිලෑම
- කෙදිරි ගෑම
- වෙව්ලීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- ආහාර රුචිය අවම වීම
- සැගවීමට උත්සහ කිරීම
මේ ලක්ෂණ සියල්ලම හෝ කිහිපයක් ආතතියට පත් වුන සුනඛයෙක් පෙන්නුම් කරන්න පුළුවන්
1. සුදුසු සංගීතයක් හෝ White Noise ඇසීමට සැලසීම.
අකුණු ගසන හෝ ගිනිකෙළි පුපුරන අවස්තාවලදී මේ ක්‍රමය වඩාත් භාවිතා කරන්න පුළුවන්. මෙසේ සංගීත අසන්නට සැලැස්වීම මගින් සුරතලාගේ අවදානය වෙනස් වී අතැති තත්වය අවම වීමේ හැකියාවක් තිබෙනවා. මේ සදහා සුදුසු සංගීත අඩංගු Spotify සංගීත නාදරට ලැයිස්තුවක් මේ ලින්ක් එකෙන් ඔබට බලන්නට පුළුවන්.
2. සත්වයා වෙනුවෙන් නියමිත කාල සටහනක් සැදීම සහ ක්‍රියාත්මක කිරීම.
සත්වයා නියමිත කාල සටහනකට (Schedule) හුරු කිරීම මගින් ඔහුට වෙන්වීමේ ආතතිය දැනීම (Separation Anxiety) අවම කරන්නට පුළුවන් විසේෂයෙන්ම ආහර ලබාදීමට සහ ව්‍යායාම කිරීම යම් Schedule එකක් අනුව සිදු කිරීම ඉතාමත් වැදගත්.
3. ව්‍යායාම කිරීම සහ සෙල්ලම් කිරීම.
මිනිසුන්ට වගේම සත්වයන්ටත් ව්‍යායාම ඉතාමත් වැදගත්. නිරතුරු ව්‍යායාමයෙන් සත්වයාගේ Endorphin පිට වනවා මෙය ආතතිය අඩු කිරීමට ඉතාමත් වැදගත් ඒවගේම නිරතුරු ව්‍යායාම වල යෙදෙන සුනඛයාට බෝ නොවන ලෙඩ රෝග සැදීමේ සම්භාවිතාව අඩුයි.
4.බලු සුරතලා නිරතුරුව Groom කිරීම.
නිරතුරුව Groom කිරීම මගින් සුරතලාගේ ශරීරයට ඉතාමත් පහසුවක් දැනෙනවා. ඒවගේම ඔබ සහ සුනඛයා අතර බැදිම වැඩි වීමට එය හේතුවක් වෙනවා. තවත් වාසින් ගැන කියනවා නම් ඔබ නිරතුරුව සුරතලාගේ ලෝම පිරීමට ලක් කරනවා නම් එයත් Endorphin පිට වෙලා ආතතිය අවම වීමට හේතුවක් වෙනවා.
5. හොදින් සම්භාහනය කිරීම.
සුනඛයා ආතතියට පත් වී සිටින වේලාවකදී හොදින් සම්භාහනයට ලක් කිරීම මගින් සත්වයා සන්සුන් වන්නට ගන්නවා වගේම Endorphin ශ්‍රාවය වීමට පටන් ගන්නවා.
සත්වයාගේ ආතතිය ඔබට සහ සත්වයාට දෙදෙනාටම කරදරකාරී වන මට්ටමේ සහ දිගු කාලීනව පවතී නම් සුදුසුකම් ලත් පශුවෛද්‍යවරයෙකු වෙත සුරතලා යොමු කරන්න.
